අගමැති රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කරයි

February 19, 2024 - 5:24 PM
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය සේවකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඔහු මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණිය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ තුන්වන ශ්‍රේණිය, කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණිය, ශ්‍රී ලංකා රජයේ පුස්තකාලාධිපති සේවයේ තුන්වන ශ්‍රේණිය යන සේවාවන් හි  සීමිත තරග විභාග සමත් 250 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයේදීයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රටේ සංවර්ධන ඉලක්කයන් සපුරාලීමට, නාස්තිකාර වියදම් අඩුකර ගැනීමට සහ තීරණ ගැනීමේදී සිදුවන යම් යම් අසාධාරණකම් දැක එවැනි තීරණ ගැනීමෙන් වැළකීමට කැපවෙන ලෙසයි.
(lknews.lk)