ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

March 12, 2024 - 4:15 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරග 3කින් සමන්විත තරගාවලිය මාර්තු 13 වනදා බංග්ලාදේශයේදී ආරම්භ වීමට නියමිතයි.

එම සංචිතය ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත වනවා.

කුසල් මෙන්ඩිස්               
චරිත් අසලංක
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
ජනිත් ලියනගේ
කමිදු මෙන්ඩිස්
සහන් ආරච්චි
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ
අකිල ධනංජය
චාමික කරුණාරත්න
දිල්ශාන් මධුෂංක
ප්‍රමෝද් මධුශාන්
ළහිරු කුමාර
(lknews.lk)