ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙටින් ආරම්භ වෙයි

March 21, 2024 - 9:50 PM
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (22) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියට මුහුණදීමට කණ්ඩායම හොඳ සූදානමකින් සිටින බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පවසනවා.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ, තරගාවලියට පෙර පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින්.
(lknews.lk)