යෝගී පටෙල්ට බරපතළ වැඩ සහිතව වසර 4ක සිරදඬුවම්

March 26, 2025 - 9:56 AM
ලෙජන්ඩ්ස් ක්‍රිකට් ට්‍රෝෆි 2024 තර­ගා­ව­ලි­යේදී ක්‍රිකට් තරග මුද­ලට පාවා දීමට යෝජනා කිරීම සම්බ­න්ධ­යෙන් වර­ද­කරු වූ ඉන්දි­යන් සෑම්ප් ආමි කණ්ඩා­යමේ කළ­ම­නා­කාර යෝගී පටෙල් නමැ­ත්තාට වසර 04ක බර­ප­තළ වැඩ සහිත සිර­ද­ඬු­වම් නියම කර තිබෙනවා.


ඒ මාතලේ මහා­ධි­ක­රණ විනි­සුරු ඩී.ජී.එන්. රවීන්ද්‍ර ප්‍රේම­රත්නගේ නියෝගයකට අනුවයි.

මෙම සිද්ධියේ පැමි­ණි­ලි­කාර ශ්‍රී ලංකා ‍ක්‍රිකට් තේරීම් කමි­ටුවේ සභා­පති සහ ශ්‍රී ලංකා පිලේ හිටපු පිති­කරු උපුල් තරංග මහ­තාට රුපි­යල් ලක්ෂ 20ක වන්දි­යක් ගෙවන ලෙසද අධි­ක­ර­ණ­යෙන් චුදි­තට නියම කර තිබෙනවා.

(lknews.lk)