ජනපති ශිෂ්‍යත්ව වැඩසටහනේ අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කරයි

March 17, 2024 - 4:29 PM
ආර්ථික අපහසුතා ඇති දරුවන්ට අධ්‍යාපනයට ශක්තියක් ලබාදීම සඳහා අරඹන ලද 'ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025' සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය අප්‍රේල් මස 1 වැනිදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති කාර්යාලය පවසනවා.

මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් මතයි.

මේ පිළිබඳ වැඩි විස්තර https://www.facebook.com/president.fund හරහා ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුවෙන් ලබාගත හැකියි.
(lknews.lk)