ලන්දේසීන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ ශ්‍රී ලංකාවට භාරදෙයි

November 29, 2023 - 10:02 AM
1756 දී ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගය වටලා රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ නෙදර්ලන්ත රජය විසින් ලක් රජයට නිල වශයෙන් භාරදුන්නා.

ඒවා කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කෙරෙන අතර, ලබන මස 5 වනදා සිට ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව පවතිනවා.

මේවා අද (29) අලුයම 5.05ට ජර්මනියේ ෆ්‍රෑන්ෆට් නුවර සිටයි මෙරටට රැගෙන එනු ලැබුවේ.

මෙම කෞතුක භාණ්ඩ භාර ගැනීමේ අවස්ථාවට විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ශ්‍රී ලංකා නෙදර්ලන්ත තානාපති ඇතුලු පිරිසක් එක්ව සිටියා.

ලෙව්කේ මහ දිසාවගේ කාලතුවක්කුව, රන් සහ රිදී කස්ථාන දෙකක්, පිහි, තුවක්කු දෙකක් මෙලෙස ශ්‍රී ලංකාවට දුන් කෞතුක භාණ්ඩ අතර වනවා.
(lknews.lk)