නිල් කටරොළු ජාත්‍යන්තරය ජය ගනී

March 11, 2024 - 3:53 PM
නිල් කටරොළු මල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ වන විට යුරෝපය ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳපොලෙහි ඉහළ ඉල්ලුමක් පවතිනවා.

විශේෂයෙන් නිල් කටරොළු මල් වේලා ඉන් සකසා ගන්නා නිල් කටරොළු තේ ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ ඉහළ මිලකට අලෙවි වන බවයි වාර්තා වන්නේ.

මේ වන විට මෙම වගාවට යොමු වී ඇති රටවල් වන්නේ, පිලිපීනය හා තායිවානයයි.

එමෙන්ම මෙරට වළස්මුල්ල ඔමාරගම කාන්තාවන් 60 දෙනෙකු පමණ මේ වන විටත් මෙම වගාවට අවතීර්ණව සිටිනවා.
(lknews.lk)