ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනතුරට ලක් වෙයි

March 14, 2024 - 12:53 PM
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී අද (14) උදෑසන 7.45ට පමණ අනතුරට ලක්ව තිබෙනවා.

ඒ, ඔහු ගමන් ගත් මෝටර් රථය ලොරි රථයක ගැටීමෙන්.

අනතුරින් තුවාල ලැබූ ළහිරු තිරිමාන්න මේ වන විට රෝහල් ගත කර තිබෙනවා.
(lknews.lk)