දේශබන්දුට එරෙහි නඩුව අද යළි කැඳවයි
April 10, 2025 - 10:10 AM
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අදාළ නඩුව අද (10) යළි කැඳවීමට නියමිත තිබෙනවා.
ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී.
ඔහු පසුගිය (03) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් (10) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.
දේශබන්දු තෙන්නකෝන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ 2023 වසරේ දෙසැම්බර් 31වනදා මාතර වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවටයි.
(lknews.lk)