ඩයනාට එරෙහි නඩුවක් කල් යයි

April 24, 2025 - 2:13 PM
වලංගු වීසා බල පත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳීසිටීම ඇතුළු ආගමන හා විගමන පනත යටතේ චෝදනා එල්ල කරමින්, හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබූ නඩුවල විභාගය ජුලි 31 දක්වා කල්තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

මෙම නඩුව අද (24) විභාගයට ගැනීමට නියමිතව තිබුණේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේයී.

නමුත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය අද දින නඩු කටයුතුවලට සහභාගී නොවූ බැවින් එම නඩුව අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල ඉදිරියේ කැඳවනු ලැබූවා.

එහිදී අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියම කළේ අදාළ නඩුව විභාගය සඳහා ජූලි 31වනදා කැඳවන ලෙසයි.

(lknews.lk)