සෞඛ්‍ය සේවකයින්ගේ කමිටුව අද රැස් වෙයි

February 20, 2024 - 10:41 AM
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට පත් කළ විශේෂ කමිටුව අද (20) පස්වරුවේ රැස්වීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පැවසුවේ, එම කමිටුව අද පස්වරු 3.00ට රැස්වීමට නියමිත බවයි.

එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු කියා සිටියා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට පත් කළ විශේෂ කමිටුවට සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් ඇතුළත් වනවා.
(lknews.lk)