කටුනායක ගුවන් තොටුපොළේ පරිගණක පද්ධතයි අක්‍රිය වෙයි

November 26, 2023 - 4:15 PM

කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු යථා තත්ත්වයට පත් වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය අද (26) දහවල් 11.30 පමණ සිට අක්‍රීය වූ බව සඳහන්.

ඒ හේතුවෙන් විදෙස් ගත වීමට පැමිණි දහස් සංඛාත ගුවන් මගීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ තුළ කුපිත වී සිටින බවයි වාර්තා වන්නේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු මෙම පරිගණක පද්ධතිය පෞද්ගලික අංශයේ සමාගම් කීපයක් විසින් සකස් කර පවත්වා ගෙන යනු ලබනවා.

නිසි නඩත්තු කිරීමක් නොමැති නිසා මාසයකට කීප වරක් මේ ආකාරයට අක්‍රීය වන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු කියා සිටියේ.

එසේම ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසිය සමඟ මෙම පරිගණක පද්ධතිය ඒකාබද්ධ කර පවතිනවා.

ඔහු ප්‍රකාශ කළේ, එහි මන්දගාමී වීමක් ද කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය අඩපණ වීමට හේතු වන බවයි.

අද (26) දහවල් 12.20 පමණ වන විට ක්‍රමයෙන් මෙම පරිගණක පද්ධතිය යළිත් සක්‍රීය වූ බව ද සඳහන්.
(lknews.lk)