වාහන ආනයනය වැයවූ පිරිවැය ඉහළට

November 02, 2023 - 3:54 PM

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බර් දක්වා කාල සීමාව තුළ වාහන ආනයනය සඳහා වැය වූ පිරිවැය සියයට 208.8කින් වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා.

2023 වසරේ මුල් මාස 9 තුළ ශ්‍රී ලංකාවට පෞද්ගලික රථවාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 19.9ක පිරිවැයක් දැරීමට සිදුව ඇති අතර 2022 වසරේ එම මුදල සටහන් වූයේ ඩොලර් මිලියන 6.5ක් ලෙසයි.

අදාළ වාර්තාවේ දැක්වෙන අන්දමට 2023 සැප්තැම්බර් මාසයේ දී පමණක් ඩොලර් මිලියන 2.4ක වටිනාකමකින් යුතු පෞද්ගලික රථවාහන මෙරටට ආනයන කර ඇති අතර 2022 සැප්තැම්බර් මාසයේදී එම අගය ඩොලර් මිලියන 0.7ක්.

එනම් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මෙම අගය 226.1% ක වැඩිවීමක් ලෙසයි දැක්වෙන්නේ.
(lknews.lk)