මෙරට ඩොලර් සංචිත ඉහළට

December 06, 2023 - 1:24 PM

පසුගිය ඔක්තෝබර් මාසය අවසානය වන විට මෙරට දළ ඩොලර් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.6 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා.

2022 වසරේ එම කාලයේදී මෙරට දළ නිල සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් වූ අතර මේ වසරේ ඔක්තෝබර් මාසය වන විට විශාල වර්ධනයක් පෙන්නුම් කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.

චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකම්ද මේ වසරේ දළ නිල සංචිතයට ඇතුළත් බව සඳහන්.

චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.3කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම ඊට අයත්.

එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත්ව සිදු වන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)