ජේතවන ස්ථූපයේ පැලුම් අවසන් වෙයි

April 03, 2024 - 12:27 PM
ජේතවනාරාම ස්ථූපයේ පිපිරුම් ප්‍රසාරණය වීම මේ වන විට නැවතී ඇති බව විද්‍යුත් කමිටු සාමාජික, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කුෂාන් විජේසුන්දර පවසනවා.

ඔහු මේ බව අනාවරණය කළේ, ස්ථූපයේ පැලුම් සම්බන්ධයෙන් කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවයි.

මේ වන විට එම පිපිරුම්වලට බදාම යොදා සීල් කර ඇති බවයි වාර්තා වන්නේ.

පැලුම් වර්ධනය කිරීම පාලනය කිරීම සඳහා ගර්භය තුළට ජලය කාන්දු වීමේ වේගය අඩාල කිරීම වැදගත් බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)