ක්‍රිකට් නඩුව යළිත් කල් යයි

November 24, 2023 - 12:49 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනුකළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා (27) තෙක් කල් තැබුණා.

සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබුවා.

එහිදී ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අද (24) දින තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීම සිදු කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
(lknews.lk)