නොරොච්චෝලේ අක්‍රීය කළ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කෙරේ

April 21, 2025 - 4:02 PM
අවුරුදු සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇත්තේ වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මේ බව දැනුම් දී තිබෙනවා.

(lknews.lk)