බස් ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය අද

September 02, 2024 - 11:32 AM
ඉන්ධන මිළ පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තුවල සංශෝධනයක් සිදු වන්නේද? නැද්ද? යන්න පිළිබඳව අද (02) ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පවසනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ඉන්ධන මිල පහළ ගිය ද බස් ගාස්තුවල කිසිදු සං‌ශෝධනයක් සිදු නොවන බවයි.

(lknews)