නිල ඡන්ද පත්‍රිකා බෙදීම ලබන මස මුල සිට ඇරඹෙයි

August 22, 2024 - 12:18 PM
2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කිරීමට නියමිත බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා.

රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දිනයේ උදෑසන 08 සිට සවස 06 දක්වා මෙම බෙදාහැරීම් සිදු කරන බවයි ඔහු සඳහන් කළේ.

(lknews)