විදුලි බිල අඩු වෙයි

February 21, 2024 - 2:27 PM
ඔක්තෝබර් මාසයේ දී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

අද පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශයක් කරමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව කියා සිටියා.

හෙට දිනයේ අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත බවයි වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ.
(lknews.lk)