ජාතික රෝහලේ සෞඛ්‍ය සේවක සටන දිගටම

February 17, 2024 - 2:00 PM
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම ධුරයෙන් ඉවත් කරන තෙක් සිය විරෝධතා ක්‍රියාමාර්ග අත්නොහරින බව එම රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෝ පවසනවා.

ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණේ, පසුගිය දා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතරතුර කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සිදු කළ ප්‍රකාශ වලට එරෙහිවයි.

ඊයේ (16) දිනයේ දී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඔහුගේ කාර්යාලයේ බලහත්කාරයෙන් පැය 06 කට ආසන්න කාලයක් රඳවා ගැනීමට සෞඛ්‍ය සේවකයින් කටයුතු කළා.

පසුව ඔහු එම කාර්යාලයෙන් ඉවත් වූයේ, ආරක්ෂක අංශවල මැදිහත් වීමෙනි.
(lknews.lk)