විදුලිය අඩු වැඩි වීම ගැන අවසන් තීරණය 28 වනදා

February 24, 2024 - 12:35 PM
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් ව ඇති යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබන 28 වනදා රැස්වීමට නියමිතව තිබෙනවා.

එයට අදාළ ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාවලිය පසුගිය 22 වනදා උපයෝගිතා කොමිසම වෙත භාර දී  තිබුණා.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රකාශකයකු පැවසුවා.
(lknews.lk)