විදුලි බිලේ අවසන් තීරණය අද

February 28, 2024 - 9:20 AM
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද (28) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

නව ගාස්තු සංශෝධනයට අනුව සියයට 18 කින් පමණ විදුලි ගාස්තු අඩුවීමක් සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

විදුලිබල මණ්ඩලය යොමු කළ විදුලි ගාස්තු අඩු කිරීමේ නව යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ රැස්වීමක් ද අද පැවැත්වැත් වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ මහතා පැවසුවේ, විදුලි බිල සියයට 37කින් අඩු කිරීමට හැකියාව පවතින බවයි.
(lknews.lk)