සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ අවසන් යෝජනාවලිය ලබන 28 වනදා

February 21, 2024 - 10:52 AM
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ අදහස් හා යෝජනා පිළිබඳ අමාත්‍යාංශ අවසන් යෝජනාවලිය ලබන 28 වනදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සලකා බැලීමට පත්කළ විශේෂ කමිටුව ඊයේ (20) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වුණා.

ඒ අනුව එම යෝජනාවලිය ද එළඹෙන 28 වනදා පස්වරු 3ට මෙම විශේෂ කමිටුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(lknews.lk)