විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් අදියරට - ජනපති

January 17, 2024 - 12:50 PM
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් අදියරට රජය පැමිණ ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර ඊයේ පැවති හරිත තාක්ෂණ සංසදය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට සුදුසුම කාලය මෙය බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හරිත තාක්ෂණ සංසදයට එක්වූයේ ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා ගොස් සිටියදීයි.

මෙම සමුළුව සංවිධාන කරනු ලැබුවේ ස්විස් - ආසියානු වාණිජ මණ්ඩලය විසින්.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අමෙරිකාවේ හිටපු උප ජනාධිපති ඇල් ගෝර් අතර හමුවක් ද ඊයේ පැවැත්වුණා.

මෙන්සීස් ගුවන් සේවයේ සභාපති හසන් එල් හූරි ද ජනාධිපතිවරයා මුණ ගැසුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.
(lknews.lk)