නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන සතියේදී

January 05, 2024 - 11:16 AM

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 9 වැනිදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව ලබන 12 වනදා දක්වා රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසුවේ.

ලබන 9 වනදා පෙරවරු 09.30ට ආරම්භ වන පාර්ලිමේන්තුවේ පෙරවරු 10.30 දක්වා වූ කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.

අනතුරුව ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2355/30 දරන ගැසට් පත්‍රයේ සදහන් නියෝග සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ අංක 2334/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග එදින විවාදයට ගැනීමට නියමිතයි.
(lknews.lk)