පළමු අවසන් පූර්ව තරගය අදයි

November 15, 2023 - 1:09 PM
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (15) මුම්බායිහිදී ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව ඉන්දියාව සහ නවසීන්තය අද මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී තරග වදිනවා.

මූලික වටයේදී තමන් සහභාගී වූ සියලුම තරග ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වූ අතර, නවසීලන්තය තමන් සහභාගී වූ තරග නවයෙන් 05ක් ජයගැනීමට සමත්වුණා.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකාණු කණ්ඩායම අතර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී හෙට (15) පැවැත්වෙනවා.

අවසන් පූර්ව තරග ජයගන්නා කණ්ඩායම් එළඹෙන ඉරිදා (19) පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇති.
(lknews.lk)