පාවෙන වෙළඳ සංකීර්ණය අභාවයට යයි

December 23, 2024 - 4:12 PM
මහින්ද චින්තනය වැඩසටහන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය සහ ආරක්ෂක අමාත්‍යාංශය 2014 වසරේදී බේරෙ වැව පාවෙන වෙළඳ සංකීර්ණය මහජන අයිතියට පත් කළා.

කලකදී ඉතා මනරම් ස්ථානයක් වූ මෙය දෙස් විදෙස් සංචාරකයන්ගේද ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුණා.

නිසි නඩත්තු කටයුතු නොකිරීම හේතුවෙන් මේ වන විට වෙළඳ සංකීර්ණය අභාවයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙළෙඳසැල් හිමියන් ප්‍රකාශ කළේ පාවෙන වෙළඳ සංකීර්ණයට පිවිසීමට තිබෙන ලී පඩිපෙළ අබලන් වී කැඩී යාම නිසා එය භාවිතා කිරීම ඉතා අනතුරුදායක බවයි.

එමෙන්ම බේරේ වැවෙන් හමන අධික දුගඳ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව ඉතා පීඩාවට පත් වී ඇති අතර වැසිකිළි සහ කාණු පද්ධති අපවිත්‍රවීමෙන් මදුරුවන් බෝ වන ස්ථානයක් බවටද එය පත්ව තිබෙනවා.

(lknews)