වතුකරයේ කම්කරු ජනතාවට නිවාස හදන සිව්වැනි අදියර ආරම්භ වෙයි

February 19, 2024 - 12:06 PM
වතුකරයේ කම්කරු ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවය අද පැවැත්වුණා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම අවස්ථාවට සම්බන්ධ වුණා.

මෙම අදියර යටතේ දිස්ත්‍රික්ක 10ක වතු 45ක් පුරා නිවාස 1300ක් ඉදිකිරීමට නියමිතයි.
(lknews.lk)