හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අවසන් කටයුතු හෙට

February 19, 2024 - 1:42 PM
කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම හිටපු ආමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (20 ) කුරුණෑගල - කටුගම්පොලදී සිදු කිරීමට නියමිතයි.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 83 වැනි වියේ පසු වුණා.

ඒ මහතාගේ දේහය මේ වන විට කුරුණෑගල - කටුගම්පොල පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.
(lknews.lk)