කුළුබඩු ප්‍රතිඅපනයනයට අවසර දුන් ගැසට්ටුව අත්හිටුවයි

March 12, 2024 - 12:49 PM
ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවී පැවසුවේ, විශේෂයෙන් මෙම කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය සඳහා ආනයනයට අවසරදීම මඟින් දේශීය කුළුබඩු ගොවියා අධෛර්මත් වන බවයි.

එමෙන්ම දැනට ලෝකයේ හොඳම කුළුබඩු ලෙස සන්නාම අතර පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවේ කුළුබඩුවල ප්‍රමිතිය සඳහා මෙමඟින් ප්‍රබල බලපෑමක් එල්ල වන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, දේශීය කුළුබඩු වල ප්‍රමිතිය සඳහා දිර්ඝ අධ්‍යයනයක් සිදු කරන බවයි.
(lknews.lk)