ලිට්‍රෝ ගෑස් ආයතනය ගැන රජය ගත්ත තීන්දුව

January 17, 2024 - 2:20 PM
Litro Gas Lanka Limited සහ Litro Gas Terminal Lanka (Pvt) Ltd යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට රජය තීරණය කර තිබෙන බව රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය පවසනවා.

Litro Gas Lanka Limited හි 99.936% ක කොටෙස් හිමිකාරීත්වය සහ Litro Gas Terminal Lanka (Pvt) Ltd 100% ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුව පවතින බවයි සඳහන් වන්නේ.

Litro Gas Lanka Limited ශ්‍රී ලංකාව තුළ LPG ආනයනය, පිරවීම, බෙදාහැරීම සහ විකිණීමේ නිරත වන අතර 85% ක වෙළඳ පොළකට ඔවුන් හිමිකම් කියන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
(lknews.lk)