වෙළෙඳ භාණ්ඩ අපනයනයේ වර්ධනය ඉහළට

March 22, 2024 - 11:13 PM
2024 පෙබරවාරි මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයනයේ සුළු වර්ධනයක් සිදු ව ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙනවා.

වෙළෙඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 983.7ක් වූ අතර, එය 2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව 0.17%ක සාමාන්‍ය වර්ධනයක් වාර්තා කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙන්නේ, 2024 පෙබරවාරි මාසයේ අපනයන කාර්ය සාධනය, 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 1.3% කින් වැඩි වී ඇති බවයි.
(lknews.lk)