සෞඛ්‍ය අංශ වර්ජනය ආරම්භ කරයි

February 01, 2024 - 10:43 AM

සිය ඉල්ලීම් සඳහා මේ දක්වා කිසිදු විසඳුමක් ලබා නොදීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය පවසනවා.

වෛද්‍යවරැන් සඳහා වැඩි කළ දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරමින් ඔවුන් පසුගියදා අවස්ථා කිහිපයකදී විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල නිරත වුණා.

එමෙන්ම සමස්ත ලංකා හෙද සංගමය මෙම වර්ජනය සඳහා එක් නොවෙන බව එහි සභාපති රවීන්ද්‍ර කහදවආරච්චි මහතා කියා සිටි අතර අද  පෙ.ව. 6.30 සිට ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වන බව එම ව්‍යාපාරයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවා.
(lknews.lk)