සෞඛ්‍ය වර්ජනය අරඹයි

February 13, 2024 - 9:50 AM
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද උදෑසන 6.30 සිට වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සංවිධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, වෛද්‍යවරුන්ට ලබා දෙන DAT දීමනාවට සමාන දීමනාවක් තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම වර්ජනයේ නිරත වන බවයි.

එමෙන්ම හෙද සේවාවේ ඉල්ලීම් කිහිපයකට විසඳුම් නොලැබීම හේතු කර ගනිමින් හෙට (14) කොළඹ දී විරෝධතාවක් පවත්වන බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්. බී. මැදිවත්ත මහතා පැවසුවා
(lknews.lk)