සෞඛ්‍ය වර්ජනය අදත්

February 14, 2024 - 10:02 AM
සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
 
ඒ අනුව වර්ජනය අද ( 14 ) දිනයේත් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළා.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඊයේ (13) උදෑසන 6.30 සිට වැඩවර්ජනයේ නිරත වුණා.

එමෙන්ම සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, වෛද්‍යවරුන්ට ලබා දෙන DAT දීමනාවට සමාන දීමනාවක් තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම වර්ජනයේ නිරත වන බවයි.

මේ හේතුවෙන් රෝහල් රැසක කටයුතුවලට ද බාධා එල්ල වී තිබු අතර ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව රෝහල් කටයුතු පවත්වා ගෙන යාමට රජය පියවර ගෙන තිබුණා.
(lknews.lk)