සෞඛ්‍ය වැඩවර්ජනය අදින් අවසන්

February 15, 2024 - 10:03 AM
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසන්නේ, දින දෙකක් අඛණ්ඩව පැවති සෞඛ්‍ය වැඩවර්ජනය අද උදෑසන 6.30 සිට අවසන් වන බවයි.

දැනට පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන බවට සෞඛ්‍ය ලේකම් වරයා ලිඛිතව දැනුම් දීමෙන් පසුව ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා.

වෛද්‍යවරුන්ට ලබා දෙන DAT දීමනාවට සමාන දීමනාවක් තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම වර්ජනයේ නිරත වී ඇති බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේ.
(lknews.lk)