සෞඛ්‍ය වර්ජනය හෙටින් අවසන්

February 02, 2024 - 5:54 PM
සෞඛ්‍ය වෘත්තීය සමිති පවසන්නේ සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට පෙරවරු 6.30න් පසුව අවසන් කරන බවයි.

රවී කුමුදේශ් මහතා සඳහන් කළේ අද පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට එලැබුණු බවයි.

එමෙන්ම ඉදිරියේදී නැවත සාකච්ඡා කර වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ලබා ගත යුතු බව ද වෘත්තීය සමිති සාමාජිකයෝ වැඩිදුරටත් පැවසුවා.
(lknews.lk)