සෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව හෙට දිනයේදීත්

February 13, 2024 - 4:53 PM
සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (14 ) දිනයේත් වැඩවර්ජනයේ නිරත වන බව දැනුම් දී තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (13) උදෑසන 6.30 සිට වැඩවර්ජනයේ නිරත වුණා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, වෛද්‍යවරුන්ට ලබා දෙන DAT දීමනාවට සමාන දීමනාවක් තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බවයි.
(lknews.lk)