සෞඛ්‍ය වෘත්තීය සමිති ලබන 01 වැනිදා වැඩ වර්ජනයකට සැරසෙයි

January 23, 2024 - 2:06 PM
ලබන 01 වැනි දා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

ඒ, වැටුප් වර්ධකය ලබානොදීමට එරෙහිවයි.

එහි කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, එහි ආරම්භක පියවරක් ලෙස අද (23) දහවල් අනුරාධපුර රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙන බවයි.
(lknews.lk)