උණුසුම තවදුරටත්

March 19, 2024 - 5:18 PM
හෙට (20) දිනය පුරා දිවයිනේ පළාත් රැසක ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, වයඹ, උතුරු-මැද, නැගෙනහිර පළාත්වල සහ මන්නාරම, වවුනියාව, මුලතිව්, මොණරාගල, හම්බන්තොට, රත්නපුර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහායි.

ඒ අනුව එළිමහනේ සිටින පුද්ගලයින් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල රැඳෙන ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
(lknews.lk)