උණුසුම තවදුරටත් ඉහළ යයි

March 11, 2024 - 5:34 PM
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, බස්නාහිර, වයඹ, දකුණු සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අද (11) පස්වරු 4.00 නිකුත් කරන ලද එම නිවේදනය හෙට (12) දිනය දක්වා වලංගු වන බවයි.

එළිමහනේ සිටින පුද්ගලයින් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල රැඳෙන ලෙසත් ප්‍රමාණවත් ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
(lknews.lk)