නාමික දළ දේශීය නිෂ්පාදනයේ ඉහළම දායකත්වය බස්නාහිරින්

December 22, 2024 - 10:08 AM
පසුගිය 2023 වසර වන විට නාමික දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉහළම දායකත්වය ලබා දී ඇත්තේ බස්නාහිර පළාත වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එහි අගය 43.7%ක් වන බවයි වාර්තා වන්නේ.

බස්නාහිර පළාත තුළ සේවා සහ කර්මාන්ත අංශ ඒ සඳහා වැඩි දායකත්වයක් ලබා දී තිබෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සමස්ථ දළ දේශීය නිෂ්පාදනය සඳහා දෙවන සහ තෙවන වශයෙන් ඉහළම දායකත්වය ලබා දීමට වයඹ සහ මධ්‍යම පළාත් සමත්ව ඇති බවයි.

එමෙන්ම පසුගිය වසරේදී මෙරට නාමික දළ දේශීය නිෂ්පාදනය රුපියල් බිලියන 27,630ක් වන බවද එහි සඳහන් වනවා.

(lknews)