කොම්පඤ්ඤ වීදියේ උණුසුම් තත්වය තවදුරටත්

March 11, 2024 - 4:40 PM
කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසළ අද දහවල් උණුසුම් තත්වයක් ඇති වුණා.

මෙම තත්වය ඇති වූයේ, කොම්පඤ්ඤ වීදිය දුම්රිය මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් සහ කොම්පඤ්ඤවීදිය ලේක් සයිඩ් මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් අතර තාප්පයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන්.

එහිදී එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)