තවත් පළාත් 2ක ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතයි

September 26, 2023 - 11:34 AM
දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නැවැත්වීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා මේ බව සඳහන් කළා.

ඒ අනුව හෙට (27) සහ ඔක්තෝබර් මස 2 වන දින දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් හා දකුණු පළාතේ සියලූම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදුනොකරන බව දැනුම්දෙනවා.

ඒ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය හඳුන්වා දීමේ කටයුතු සඳහායි.

එමෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සැප්තැම්බර් මස 24 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට ඔක්තෝබර් මස 6 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අත්හිටුවා ඇති.

හෙට සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ කල්ඉකුත්වන ආදායම් බලපත්‍ර සඳහා එම කාලයට අදාළව දඩ මුදල් අය නොකිරීමට ද තීරණය කර තිබෙනවා.

මේ අතර මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ද හෙට සිට ඔක්තෝබර් 2 වනදා දක්වා අත්හිටුවා ඇති බව සඳහන්.
(lknews.lk)