සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන විශාලතම යාත්‍රාව මෙරටින්

February 26, 2024 - 6:18 PM
දකුණු ආසියාවේ නිෂ්පාදිත සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විශාලතම යාත්‍රාව මෙරට ප්‍රමුඛ පෙළේ යාත්‍රා නිෂ්පාදන සමාගමක් විසින් නිෂ්පාදනය කර තිබෙන බව වාර්තා වනවා.

එය සැලසුම් කර නිෂ්පාදනය කිරීම සඳහා මාස 6ක කාලයක් ගත වී තිබෙනවා.

එමෙන්ම මෙම යාත්‍රාව බංගලාදේශයේ සංචාරක කර්මාන්තය සඳහා ඇණවුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ECO 80 ලෙස නම් කර ඇති මෙම යාත්‍රාව කරෙයිනගර් යාත්‍රා අංගනය ඔස්සේ යාපනය කලපුව වෙත දියත් කිරීම පසුගියදා සිදු වී තිබෙනවා.
(lknews.lk)