කැනඩාවෙහි ඝාතනය වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු අද

March 17, 2024 - 11:49 AM
කැනඩාවේ, ඔටාවා හි ඝාතනයට ලක් වූ ලාංකිකයන්ගේ අවමංගල්‍ය උත්සවය අද (17) පස්වරු 1.00ට ඔටාවා ග්‍රිබ්ෆෝඩ් ඩ්‍රයිව් හි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම ඝාතනය සිදු වූ පවුලේ ජිවත් ව සිටින පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ද අවසන් කටයුතු සඳහා සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(lknews.lk)