අස්වැසුමට වැරදි තොරතුරු දුන් අයට නීතිය ක්‍රියාත්මක වෙයි

March 03, 2024 - 12:26 PM
ජූනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභින් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

එමෙන්ම අස්වැසුම වැඩසටහන සඳහා වැරදි තොරතුරු ලබාදුන් 7,000ක ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවත් එලෙස වැරදි තොරතුරු ලබා දුන් බවට තහවුරු වී ඇති පුද්ගලයන්ට නිත්‍යානූකූල ව කටයුතු කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් කියා සිටියා.