කුවේට් රාජ්‍යයේ නායකයා මිය යයි

December 16, 2023 - 8:22 PM

කුවේට් රාජ්‍යයේ එමීර්වරයා වූ ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල්-සබා (Sheikh Nawaf al-Ahmad Al-Sabah) මියගොස් තිබෙනවා.

මියයන විට ඔහු 86 වැනි වියේ පසු වූ අතර 2020 වසරේ සැප්තැම්බර් මාසයේ සිට ඔහු පාලකයා ලෙස කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

පසුගිය නොවැම්බර් මාසයේදී අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර සිටි බව ද එම වාර්තාවල දැක්වෙනවා.
(lknews.lk)