ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය අදයි
January 13, 2025 - 5:05 PM
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය අද (13) පැවැත්වුණා.
සෑම වසරකදීම මාළිගාව සතු නින්දගම්වලින් ලැබෙන අස්වැන්නේ පළමු කොටස දුරුතු පුන් පොහෝ දින ශ්‍රී දළදා සමිඳුන් වෙත පූජා කිරීම සිදු කරනවා.
ඒ අනුව මාළිගාවේ දියවඩන නිළමේ තේවාව භාර නාහිමියන් සහ මාළිගාවේ කාර්ය මණ්ඩලය එක්ව චාරිත්‍රානුකූලවම අලුත් සහල් මංගල්‍යය පැවැත් වූ බවයි වාර්තා වන්නේ.
ශ්‍රී දළදා මාළිගාවේ වී අටුව පල්ලෙකැලේ ප්‍රදේශයේ ඉදිකර තිබෙනවා.
එතැන් සිට අලුත් සහල් මංගල්‍යය සඳහා පෙරහැරෙන් සහල් රැගෙන ඒම සිදු කළා.
මේ අවස්ථාව සඳහා දළදා සමිඳුන්ගේ තේවාව භාර පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි සහ දළදා මාළිගාවේ දියවඩන නිළමේ ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.
(lknews)